Home Hit ගෝඨා අත්අඩංගුවට ගන්න නිකුත් කළ ලිපිය නතර කළේ මං-විජයදාස

ගෝඨා අත්අඩංගුවට ගන්න නිකුත් කළ ලිපිය නතර කළේ මං-විජයදාස

382

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව හිටපු අධිකරණ අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය විජයදාස රාජපක්ෂමහතා ප්‍රකාශකළේ අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අගමැති රනිල් වික්‍රමසිංහ ආයාචනය කළා අර්ජුන මහේන්ද්‍රන් නැතුව රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා.

ඒ ආණ්ඩුවේ සත් සතිය ගත වෙන දවසේ මහ බැංකු මංකොල්ලය කළා.

අපේ රටට විරුද්ධව ඉදිරිපත් වු ඇමරිකාවෙන් ගෙනාපු යෝජනාවලියට සම අනුග්‍රහයක් දක්වන්න අත්සන් කරන්න මංගල සමරවීර එකඟ වුණා.

ඒකෙ භයානක කම මම ඔහුට පැහැදිලි කළා. ඒකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කළා.

සමහරු කියවනා දොන් ජුවන් ධර්මපාල තමා මේ රටේ ලොකුම පාවා දීම කළේ කියලා. ඒක වැරදියි. අවුරුදු 30ක යුද්ධයකින් රට බේරගත්ත රණවිරුවෝ සියලුදෙනා ජාත්‍යාන්තර යුධ අපරාධ අධිකරණයට ගෙනයාමේ පාවාදීම කරපු න් ජුවන් ධර්මපාලගේ බාප්පලා දෙන්නෙක් තමයි රනිල් සහ මංගල කියන්නේ.

අපි ඇමරිකානු ඩොලර් බිලියන 70ක් ණය වුණු අවස්ථාවක හම්බන්තොට වරාය විකුණලා ගන්නේ එක බිලියනයයි. මං ඇහුවා ඉතිරි බිලියන 69ට වික්‍රමසිංහගේ මොන බූදලය ද විකුණන්නේ කියලා.

මේ ගැන කතා කරනකොට මංගල, රාජිත මාව හැඳින්වුයේ ගෝත්‍රිකයෙක් කියලා.

වෙනදා හැම අධිකරණ ඇමතිනරයෙක්ම දෝෂාරෝපණයට ලක්වෙලා තියෙන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරලා. නමුත් අධිකරණයේ ස්වාධිනත්වය හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වරදක් විදිහට තමයි මට දිගින් දිගමට ප්‍රහාර එල්ල වුණේ.

ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් වෙන්න මම ඉඩ කඩක් තිබ්බේ නෑ ඒ නිසා තමයි අද රටේ ජනතාවට දැනගන්න අවස්ථාවක් ලැබුණා ඇත්තටම බැඳුම්කර හොරු කවුද කියලා.

මට හොඳටම විශ්වාසයි එක්සත් ජාතික පක්ෂය ටී එන් ඒ එකේ ඉල්ලීම් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළා. ඉන් එහාට යන එක නතර කරන්න මම කටයුතු කළා.

මේ ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණය ගත්තේ නැතිනම් අපි ඔක්කෝම විදේශයන්ගේ වහල්ලු බවට පත් වෙනවා.”

අද දෙරණ වෙබ් අඩවියෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here