Home Hit බුද්ධි තොරතුරු මත ජනාධිපති ධුර අපේක්ෂකයන් 04 දෙනෙකුට දැඩි ආරක්ෂාවක්

බුද්ධි තොරතුරු මත ජනාධිපති ධුර අපේක්ෂකයන් 04 දෙනෙකුට දැඩි ආරක්ෂාවක්

427

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධානතම අපේක්‍ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්‍ෂාව තරකිරීමට කටයුතු සලසන්නැයි බුද්ධි අංශ පොලිසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

එම අපේක්ෂකයන් සිව් දෙනා, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ,
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස,
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ලෙසයි බුද්ධි අංශ මෙලෙස දැනුම්දී ඇත්තේ.

එම අපේක්‍ෂකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් බුද්ධි අංශ ඒ පිළිබද පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් හට අවශ්‍ය උපරිම ආරක්ෂාවක් ලබාදීමට ඉකුත් දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද තීරණය කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here