Home Business යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘතයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘතයි

458

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කරන ලදී.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම ප්‍රකාශයට පත් වූ මොහොතේ සිය මංගල ගුවන් ගමන ලෙස ඉන්දියාවේ චෙන්නායි සිට මගීන් 30 දෙනෙකු රැගත් එලායන්ස් ගුවන් යානය VT-RKM ගුවන් තොටුපළට පැමිණි අතර ජාත්‍යන්තර ගුවන් සේවා නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නව ගුවන්තොටුපළ උතුරේ ජනතාවට කටුනායක ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට නොගොස් දකුණු ඉන්දියාවට යාමට අවස්ථාව සලසා දී තිබේ.

යාපනයේ සිට මාලදිවයින සහ මැලේසියාව දක්වා ද ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here