Home Hit මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 12,069 මාසයක් තුළ පොලිස් දැලට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 12,069 මාසයක් තුළ පොලිස් දැලට

228

සැප්තැම්බර් මස 10 වැනිදා සිට ඔක්තෝම්බර් මස 10 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 12,069 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

7,232ක් වූ ඉන් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා සහ කේරල ගංජා ජාවාරම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 943 කට අධික ය.

අදාළ කාලය තුළ හෙරොයින් ජාවාරම් කළ 4,322 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 67 යි ග්‍රැම් 500 කි.

ඊට අමතරව කොකේන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 3ක් ද මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් 35 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මත්පෙති සංඛ්‍යාව 5,681 කි ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විවිධ පොලිස් ස්ථාන මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here