Home Hit සමහරු දේශපාලන වාසි තකා ජාතික ආරක්ෂාව පිළිබඳ බොරු කටකතා පතුරුවනවා –...

සමහරු දේශපාලන වාසි තකා ජාතික ආරක්ෂාව පිළිබඳ බොරු කටකතා පතුරුවනවා – කැෆේ

290

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කටකතා පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටීදැයි සොයා බලන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී වාසියක් ලබා ගැනීම සඳහා මෙය කළ හැකි බව එම සංවිධානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව කඩාකප්පල් කරන කටකතා 5000 කට ආසන්න සංඛ්‍යාවක් සංසරණය වී ඇති බවයි.

කැෆේ සංවිධානය පැවසුවේ බදාදා (16) වෙනම ප්‍රදේශ තුනක බෝම්බ පිපිරීම් පිළිබඳ ව්‍යාජ කටකතා පැතිරී ඇති බවත් මේවා හිතාමතා සිදුකිරීමේ හැකියාවක් පවතින බවත් ය.

කටකතා පතුරුවා හැරීමෙන් මැතිවරණයෙන් වාසියක් ලබා ගත හැකි යැයි සමහර පක්ෂ විශ්වාස කරන්නේ නම් එය බරපතල ගැටළුවක් බව කැෆේ
සංවිධානය හි වැඩබලන විධායක අධ්‍යක්ෂ මනස් මැකීන් ප්‍රකාශ කළේය.

“ජාතික ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති පතුරවන අයට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතුය. සමාජ මාධ්‍ය පුරා පැතිර යන කටකතා එකතු කර විමර්ශනය කිරීම සඳහා කැෆේ ආයතනය ද අධීක්ෂණ මණ්ඩලයක් පිහිටුවා තිබේ.” යයි ඔහු පැවසුවේය

මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 179 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here