Home Sports සුපිරි පන්දු වාරය තවත් සුපිරි වෙයි

සුපිරි පන්දු වාරය තවත් සුපිරි වෙයි

306

2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

මෙතෙක් පැවතියේ තරඟයක් ලකුණු සමවීමකින් ජයපරාජයෙන් අවසන් වූ විට ක්‍රියාත්මක කරනු ලබන සුපිරි පන්දු වාරයේදීත් ලකුණු සමවීමක් සිදු වුවහොත් එම තරඟයේ වැඩිම 4 පහර එල්ල කල කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමයි.

නමුත් මින් ඉදිරියට සුපිරි පන්දු වාරයකදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගතහොත් එක් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි පන්දුවාර කි‍්‍රයාත්මක කෙරෙන පරිදි එම නීතිය සංශෝධනය වී තිබෙනවා.

මෙම නීති සංශෝධනය කර ඇත්තේ ඩුබායිහි පසු ගිය 14 වනදා පැවති අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමකදීයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් කි‍්‍රයාත්මක වූ අතර පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල කිසිවෙකු නොදවී ලකුණු 15ක් රැස් කළා. නවසීලන්ත කණ්ඩායමද සුපිරි පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස් කලද තරඟයේ එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව අනුව එංගලන්තයට ලෝක කුසලානය හිමි වුණා.

තරගයේ ජය පැරදුම තීරණය කළ එම නීතිය සම්බන්ධයෙන් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ විචාරකයින් රැසක් දැඩි විවේචන එල්ල කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here