Home Sports “සියය” සඳහා ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙක් වෙන්දේසියේ

“සියය” සඳහා ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙක් වෙන්දේසියේ

393

“සියය” යනු එංගලන්ත සහ වේල්ස් හි ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නව පන්දු 100 ක්‍රිකට් තරඟාවලිය වන අතර එය 2020 ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ මෙම නව ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන්ගේ වෙන්දේසියට ඇතුළු වී ඇත්තේ ස්ටර්ලින් පවුම් 125,000 ක උපරිම සංචිත මිලකට ය.

වෙන්දේසිය ඔක්තෝබර් 20 වන දින පැවැත්වෙන අතර සෑම කණ්ඩායමකටම විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගත හැකිය.

ලසිත් මාලිංගට අමතරව තවත් ජාතික කණ්ඩායම නියෝජයන කල ක්‍රීඩකයන් 17 දෙනෙකු මෙම වෙන්දේසිය සඳහා ඉදිරපත් වනු ඇත.

2020 ජූලි මස සිට ක්‍රිකට් කිඩා ලෝලීන්ට නවමු අත් දැකීමක් ලබා දෙමින් පන්දු සියයකින් සමන්විත මෙම තරඟාවලිය එංගලන්තයේදී ඇරඹෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here