Home Hit විශ්‍රාම ගිය පසුත් නිල නිවස ජනපතිට

විශ්‍රාම ගිය පසුත් නිල නිවස ජනපතිට

453

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව සදහා විශේෂ කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිවරයා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ අතර අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමති තිලක් මාරපන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ද විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමති මංගල සමරවීර සඳහන් කර ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්‍ෂාවක් දිය යුතු බැවින් යැයි සඳහන් කර තිබෙනවා.

අජන්ත කුමාර අගලකඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here