Home Local රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 15 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප වෙයි

රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 15 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප වෙයි

250

ඇප නියම කරන ලෙස ඉල්ලා රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අයදුම්පත් ගාල්ල මහාධිකරණය ඊයේ (15) ප්‍රතික්ෂේප කළා.

විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ මෙහි සියලූදෙනා එකම කණ්ඩායමක් ලෙස ක්‍රියාකර ඇති අතර ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

එම නිසා අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලා සිටිය හැකි බව ද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රත්ගම – රත්න උදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන දෙදෙනා පසුගිය ජනවාරි 23 වනදා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවටයි සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

සිද්ධියට අදාළව මේ වනවිට 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here