Home Local පාස්කු ප්‍රහාරයේ පැමිණිලි විමර්ශනයට විශේෂ කණ්ඩායමක්

පාස්කු ප්‍රහාරයේ පැමිණිලි විමර්ශනයට විශේෂ කණ්ඩායමක්

279

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසනවා.

මේ වනවිට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 65කට අධිකයි.

ජනාධිපති කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී.හේරත් සඳහන් කළේ, ඒ අතර කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් ද වන බවයි.

මේ අතර අදාළ පැමිණිලි විමර්ශනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීමට කොමිසමේ සාමාජිකයින් අද (16) රැස්වීමට නියමිතයි.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කල කොමිසම සමාජිකයින් 05දෙනෙකුගෙන් සමන්විත වනවා.

පසුගිය මස 22 වනදා මෙම කොමිසම පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here