Home Hit ISIS සැකකරුවන් 127ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

ISIS සැකකරුවන් 127ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

222

ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පලකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී ඊයේ (14) දිනයේ අලෝක් මික්ටාල් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් 33 දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු, කේරලයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here