Home Local කුරුණෑගල සුළඟින් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි

කුරුණෑගල සුළඟින් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි

233

කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල ඊයේ (14) හමාගිය තද සුළඟින් නිවාස 145කට අධික සංඛ්‍යාවක් අර්ධ ලෙස හානි වී තිබෙනවා.

ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ පැවසුවේ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

ඊට අදාළ කටයුතු මේ වන විටත් සුදානම් කර ඇතැයි ද ඔහු සඳහන් කර සිටිනවා.

මේ අතර සුළං සමග විදුලි රැහැන් මතට ගස් අතු කඩා වැටීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් 50,000කට තවදුරටත් විදුලි බලය ඇණහිට ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here