Home Local මේ වෙලාවේ මට, මේ රට හදන්න ගෝඨාභය ඕනේ – ගයාන්

මේ වෙලාවේ මට, මේ රට හදන්න ගෝඨාභය ඕනේ – ගයාන්

622

ජනප්‍රිය නළුවෙකු හා අධ්‍යක්ෂක වරයකු වන ගයාන් වික්‍රමතිලක මහතා පසු ගියදා සමාජ මාධ්‍යට මුදා හැර තිබූ වීඩියෝවක් සම්බන්ධව සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දක්වා සිටියා.

ගයාන් වික්‍රමතිලක පොල්ගහවෙල ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර පාස්කු ප්‍රාහාරය සිදු වූ කාලයේ එම ප්‍රදේශයේ ජනතාව විසින් ප්‍රදර්ශනය කල බැනරයක සඳහන් කරුණු සම්බන්ධයෙන් නැවත වතාවක් සිහි පත් කරනු ලැබුවා.

පහත එම වීඩියෝව ඔබට එය නැරඹිය හැකියි.

මතකද බලන්න 👀හිස්බුල්ලා අබ්දුල් රාෂික් ඇතුලුව හැම එකා ගැනම කියන්නේ.

Posted by Gayan Wickramathilake on Saturday, October 12, 2019

ඔහු සමාජ මාධ්‍යට මුදා හරින ලද වීඩියෝව මුලික කරගනිමින් ඒ සම්බන්ධයෙන් ‌මෙම සාකච්ඡාවේදී ප්‍රශ්න කරන අතර එහිදී ගයාන් වික්‍රමතිලක ශ්‍රී ලංකාව තුල වත්මන් දේශපාලන තත්වය ගැන තමන්ගේ අදහස ප්‍රකාශ කරන අතර මේ වන විට රටේ ජීවත් වීමට ඉතා අපහසු තත්වයකට පත්ව සිටින අතර වැඩහිටි කලාකරුවන් තමන්ගේ ජීවිතය ඉතාමත් අපහසුවෙන් ගැට ගසා ගන්නා බව පවසා සිටියා.වෙනත් රටක කල කරුවන් සමඟ සසඳන කල නිර්මාණයක් කිරීමට මානසික නිදහසක් තමන්ට නොමැති බව මෙහිදී ගයාන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් වීම ගැන මෙහිදී ප්‍රශ්නයක් විමසා සිටින අතර එහිදී ගයාන් වික්‍රමතිලක ප්‍රකාශ කරනුයේ මේ මොහොතේ හෝ රට ජාතිය වෙනුවෙන් මහේෂ් මහතා ජනාධිපතිවරණයෙන් ඉවත්විය යුතු බවයි. ඔහුගේ ඉදිරිපත් වීම නිසා රටට හිතකර නොවන තීරණයක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලින් ලැබිය හැකි බවත් වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ වාගේම වත්මන් පාලනයේ ඇති දුර්වලතා කලාකරුවකු ලෙස පෙන්වා දෙන ඔහු තමන්ගේ පෞද්ගලික දේශපාලන මතයද මෙහිදී පල කරනු ලබනවා.

එම සාකච්ඡාවේ සම්පුර්ණ වීඩියෝව පහත ඔබට නැරඹිය හැක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here