Home World ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයට අඹු සැමි යුවලකුත්

ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයට අඹු සැමි යුවලකුත්

424

ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයට මේ වසරේදී තිදෙනෙක් හිමිකම් කියා තිබේ.

2019 වර්ෂයේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරගත් ජයග්‍රාහකයන් ස්වීඩනයේ ස්ටොක්හොම් නගරයේදී ප්‍රකාශයට පත්කෙරුණි.

ඒ අනුව ඉන්දීය ජාතික අභිජිත් බැනර්ජි, ප්‍රංශ ජාතික එස්තර් ඩුෆ්ලෝ සහ අමෙරිකානු ජාතික මයිකල් ක්‍රේමර් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනා මෙවර නොබෙල් ත්‍යාගයට හිමිකම් කියයි.

ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීම සඳහා පර්යේෂණාත්මක ප්‍රවේශයක් හඳුන්වාදීම වෙනුවෙන් මෙම විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාගය ලබාදී ඇති බව සඳහන්ය.

සම්මානයෙන් පිදුම් ලැබූ අභිජිත් බැනර්ජි හා එස්තර් ඩුෆ්ලෝ අඹු සැමියන් වීම විශේෂත්වයක් වන අතර ඩුෆ්ලෝ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ උපදේශකවරියක් ලෙසද සේවය කර තිබේ.

ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ දෙවන කාන්තාව මෙන්ම ලාබාලම පුද්ගලයා වන්නේද ඇයයි.

මෙම ත්‍යාගය සඳහා වෙන්කර ඇති අමෙරිකානු ඩොලර් නව ලක්ෂ පහළොස්දහස් තුන්සීයක මුදලට මොවුන් තිදෙනා හිමිකම් කියන අතර එය සමසේ බෙදී යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here