Home Hit කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතනයේ සැකකරුට මරණ දඬුවම

කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතනයේ සැකකරුට මරණ දඬුවම

407

2012 වර්ෂයේදී රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ ඇගේ දියණිය ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති මව හා දියණිය ඝාතනය කිරීමේ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාටයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි විසින් මෙලෙස මරණ දඬුවම නියම කළේ.

කිසිඳු ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව පරිවේශනීය සාක්ෂි මත ඉදිරියට ගෙන ගිය මෙම නඩුවේ චෝදනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානයක විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here