Home Hit පොලිස් අණ නොතැකු සුරාබදු නිලධාරින්ට පොලිසියෙන් වෙඩි.

පොලිස් අණ නොතැකු සුරාබදු නිලධාරින්ට පොලිසියෙන් වෙඩි.

353

අද උදෑසන කිලිනොච්චිය පොලිස් වසමේ අරවියල් නගර් ප්‍රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට පොලීසියෙන් වෙඩි තබා තිබේ.

අදාළ ජිප් රථයෙන් විශාල ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටව ගොස් තිබේ.

එහිදී සැක සහිත ජිප් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කර ඇත.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් එම ජිප් රථයට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් ජිප් රථයේ සිටි සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙකුට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට පසුව අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here