Home Hit ”මෙවර ජනපතිවරණයට කිසිඳු විදෙස් මැදිහත්වීමක් නෑ” – බැසිල් රාජපක්ෂ

”මෙවර ජනපතිවරණයට කිසිඳු විදෙස් මැදිහත්වීමක් නෑ” – බැසිල් රාජපක්ෂ

307

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට කිසිදු ජාත්‍යන්තර අයෙකු මැදිහත් වීමට උත්සාහ නොකරන බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

“සදාචාරාත්මකව, එය එසේ විය යුතුය,” යන්න ඔහු හින්දු පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

2015 වසරේ දී ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට චෝදනා කරනු ලැබු නමුත් ඉන්දියාව හෝ වෙනත් රටක් ඔවුන්ට (විපක්ෂ සන්ධානයට) සහයෝගය දුන් බවට පෞද්ගලිකව තමන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඉන්දියාව අපගේ අංක එකේ අසල්වැසියා වන බව බැසිල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම දේශපාලන සහ ආරක්ෂක කටයුතු වලදී අප සෑම විටම ඉන්දියාව සමඟ කටයුතු කළ යුතු බවයි බැසිල් රාජපක්ෂ සඳහන් කරන්නේ.

නමුත් ආර්ථික හා වෙනත් කාරණාවලදී චීනය අමතක කළ නොහැකි බවද ඔහු පැවසුවා.

රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහා පරිමාණ දූෂණ චෝදනා වලට මුහුණ දී සිටිනවා.

ඔහු 2015 වසරේ කෙටි කාලයක් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා.

පසුව, 2015 වසරේ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු ඔවුන්ගේ දිනන සටන සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.

පොදුජන පෙරමුණේ නිර්මාතෘ වන බැසිල් රාජපක්ෂ 2018 මහා මැතිවරණ සටන මෙහෙය වූ නියමුවායි.

පාලක එක්සත් ජාතික පක්ෂය දෙවන ස්ථානයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවන ස්ථානයටත් ඇද දමමින් පොදුජන පෙරමුණ 40%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

ඔවුන්ගේ විශාල ජයග්‍රහණය සංකේතවත් කළේ රාජපක්ෂ කඳවුරේ මැතිවරණ පුනර්ජීවනයයි.

ඉන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිඳවැටීම සනිටුහන් කළ අතර, රාජපක්ෂයන් තම දේශපාලන ජීවිතය නැවතත් ගොඩනඟා ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here