Home World හගිබිස් නිසා පුද්ගලයින් 37ක් මරුට

හගිබිස් නිසා පුද්ගලයින් 37ක් මරුට

439

ජපානයට බලපෑ ‘හගිබිස්‘ සුළි කුණාටුවෙන් පසු රටපුරා ගංගා 140ක් පිටාර ගලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනූව ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටව ඇති බවයි එරට ආපදා අංශ සඳහන් කළේ.

තවත් ගංගා 21ක ඉවුරු කැඩීගොස් ඇති අතර සුළි කුණාටුවෙන් අවම වශයෙන් මේ වන විට 37 දෙනෙකු මියගොස් ඇති බවත්, අතුරුදන් ගණන 20ක් බවත් වාර්තා වනවා.

ටෝකියෝ අගනුවර ඇතුළු නගර රැසක ලක්ෂ 100ක පමණ පිරිසකට ඉවත් වන ලෙසයි ආපදා අංශ දැනුම් දී ඇත්තේ.

ජල ගැලීම් සහ නාය යාම්වලින් විපතට පත්ව ඇති ප‍්‍රදේශවල සහන මෙහෙයුම් සඳහා මේ වන විටත් 27,000කින් යුත් හමුදා බලඇණියක් යොදවා ඇතැයි සඳහන්.

නායයාම් වලින් කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම මෙන්ම ජල ගැලීම් හේතුවෙන් නිවාස තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමද තවදුරටත් කි‍්‍රයාත්මකයි.

ඒ සඳහා විශේෂ බෝට්ටු සේවා සහ හෙලිකොප්ටර් යානා ද යොදවා ඇතැයි සඳහන්.

එලෙස ජලගැලීම් හේතුවෙන් සිරවී සිටි 70 හැවිරිදි කාන්තාවක් මුදාගැනීමට උත්සහ දැරීමේදී ඇය හෙලිකොප්ටරයකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වනවිට ප‍්‍රබලත්වය අඩුවෙමින් ඇති හගිබිස් සුළිකුණාටුව ඉදිරි පැය කිහිපයේදී ජපානයේ හොක්කයිදෝ දූපත දෙසට හමා යනු ඇතැයි අපේක්ෂිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here