Home fact check ගෝඨාභයගේ අනුරාධපුර රැළියට පෙන්නුව තරම් සෙනඟ ආවද?

ගෝඨාභයගේ අනුරාධපුර රැළියට පෙන්නුව තරම් සෙනඟ ආවද?

375

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය පසුගිය 09 වැනිදා සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි

“අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද සහිතව සටහනක් දක්වමින් සඳහන් කර තිබුණේ “මේ වන විට ලක්ෂ 4ක මහා ජනගඟක්. ජය නියතයි.ටොයියන් කපෝතියි.” යනුවෙන් පහත දක්වා ඇති අයුරෙනි.

අන්තර් ජාලයේ සැරි සරණ බොහෝ දෙනෙකු විසින් මෙම ඡායාරූපය පොදු ජන පෙරමුණේ අනුරාධපුර ජන රැලියට සම්බන්ධ ඡායාරූපයක් නොවන බව හඳුනාගෙන තිබුනත් එය විශාල වශයෙන් හුවමාරු වී තිබීම නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් කිරීමට අදහස් කළෙමු.

මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුම් වලින් මේ පිළිබඳව පළවී තිබූ විස්තර සහ ඡායාරූප පිළිබඳව සොයා බැලීමක් කරන ලද අතර එහිදී පැහැදිලිව පෙනී ගියේ ඉහත ප්‍රකාශිත ඡායාරූපය ජන රැළිය සම්බන්ධයෙන් පළව ඇති රූපරාමු වලට වඩා හාත්පසින්ම වෙනස් ඡායාරූපයක් බවයි.

තවද ඒ පිළිබඳව google වෙබ් සෙවුම් පද්ධතියේ කරන ලද සෙවීමකින් පැහැදිලි වූයේ 2018 ජූලි මස 15 වන දින ප්‍රංශ කණ්ඩායම පාපන්දු ලෝක කුසලානය තම රටට දිනා ගැනීම සියැසින් දැක ගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැරිස් නුවරට එක් වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් බවයි.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ “මේ වන විට ලක්ෂ 4ක මහා ජනගගක්. ජය නියතයි.ටොයියන් කපෝතියි” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුරයේ පැවති රැළිය සම්බන්ධයෙන් සඳහන් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවත් ජනතාව මුා කිරීම අරමුණ කර ගනිමින් මෙවැන්නක් ප්‍රචාරයක් කල බවට සැක කල හැකි බවටත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here