Home Hit පාක්ෂිකයෝ හූ කියද්දී ගෝඨාගෙන් නිදහස් පක්ෂයට ආදරය සහ ගෞරවය (VIDEO)

පාක්ෂිකයෝ හූ කියද්දී ගෝඨාගෙන් නිදහස් පක්ෂයට ආදරය සහ ගෞරවය (VIDEO)

371

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සංධානගතවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ඒ ඊයේ(13) කඩවතදි පැවති රැළියකදී

“අපිත් සමඟ එකතුවෙලා සිටින සෑම පක්ෂයක්ම අප සමඟ එක්වුනේ ප්‍රතිපත්ති නිසයි. අද ආරුමුගම් තොන්ඩමාන් මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොන්ග්‍රසයත් අපිට සහාය දෙන්න තීරණය කලා. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට විශාල ශක්තියක් උනා. අපිට පුලුවන් උනා 70% දක්වා අපගේ බලය වැඩිකරගන්න ඔවුන් අපිත් සමඟ එක්වුන නිසා. අපි ඔවුන් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි භුක්ති විදින ජනතා හිතවාදී ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් හදුන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.” යනුවෙන් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ වේදිකාවට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙශ්ඨයින් රැසකටම පොදුජන පෙරමුණ පක්ෂයේ පාක්ෂිකයින් විසින් හූ කියමින් සිය විරෝධය පළකලා.

එහි ආසන්නතම සිදුවීම වනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනහමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න මහතාට පොහොට්ටු පාක්ෂිකයින් විසින් හූ කියමින් බාධා කලා.

W D J සෙනවිරත්නට පොහොට්ටුවෙන් හූවක්

W D J සෙනවිරත්නට පොහොට්ටුවෙන් හූවක්.watch full video – https://youtu.be/9_hUVtUe_tY

Posted by Newshub.lk on Sunday, October 13, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here