Home Hit අර්ජුන රණතුංග විපක්ෂයට?

අර්ජුන රණතුංග විපක්ෂයට?

328

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වීමේ සුදානමක් ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධව අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

දින 12ක දැවැන්ත දුම්රිය වැඩවර්ජනයක් පසුගියදා පැවති මොහොතේ පවා විෂය භාර අමාත්‍ය වරයා ලෙස අර්ජුන රණතුංග මහතා ඊට මැදිහත් නොවූ අතර ඔහු ඒ කල සිමාව තුලදී විදේශ ගතව සිටියේය.

ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් අර්ජුන රණතුංග මහතා කලක පටන්ම ආණ්ඩුව තුළ සිටින්නේ අමනාපයෙන් බව ආරංචි වේ. අමාත්‍යවරයා දිගින් දිගටම මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද එය දිගින් දිගටම ප්‍රතික්ෂේප වූ අතර තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බවට ඔහු ප්‍රසිද්ධියේම අනතුරු හැඟවීමක් ද මීට පෙර සිදුකර තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග මහතාට දැනුම් දී ඇත්තේ තමන් සමඟ එක්වන්නේ නම් ඉදිරි රජයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයත් බස් රථ 2000 ගෙන්වීම සඳහා අනුමැතියත් තමන්ට ලබාදිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here