Home Hit ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාරගේ ප්‍රතිපත්ති එළිදැක්වීම අදයි

ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාරගේ ප්‍රතිපත්ති එළිදැක්වීම අදයි

369

ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති අද (14) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා.

එය බත්තරමුල්ල වෝටර්ස්ස් එජ් හෝටලයේදීත්, හෙට (15) දිනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොළඹ පදනම් ආයතනයේදීත් එළිදැක්වීමට නියමිතයි.

පරිසර ප්‍රතිපත්තිය මේ මස 17 වනදා උඩවලව, කොට්ටවත්ත විලේජ්හිදීත්, 18 වැනිදා කළුතර පැනොරාමා ශාලාවේදී ප්‍රවාහන ප්‍රතිපත්තියත් එළිදැක්වෙනු ඇති.

සංස්කෘතික ප්‍රතිපත්තිය මේ මස 20 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීත්, ආර්ථික ප්‍රතිපත්තිය මේ මස 21 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, 22 වැනිදා කෘෂිකර්ම ප්‍රතිපත්තිය පේරාදෙණිය තානායමේදීත් එළිදැක්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here