Home Hit “2014 ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරු 53ක් රනිල්ගෙ ආණ්ඩුවෙත් ඉන්නවා” – අනුර කුමාර

“2014 ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරු 53ක් රනිල්ගෙ ආණ්ඩුවෙත් ඉන්නවා” – අනුර කුමාර

314

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන ඡන්දදායකයින් එයට පමණක් ඡන්දය භාවිත කළ යුතු බවත් දෙවැනි තුන්වැනි මනාප සටහන් කිරීමක් සිදු කරන්න තමන් නොකියන බව ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 12 වන දින උපකාරක ගුරුවරු හමුවූ අවස්ථාවේ ඔවුන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ජාතික ජන බලවේගය ලෙස අපි ඉන්න ස්ථාවරය තමයි අපට ඡන්දය දෙන කෙනා ජාතික ජන බලවේගයට පමණක් ඡන්දය දිය යුතුයි. දෙක තුන මනාප සටහන් නොකළ යුතුයි. හැබැයි මැතිවරණ පනතෙන්ම ලබාදීලා තියෙනවා මනාප තුනක් ලබාදීමේ අයිතිය. ඒ අයිතිය කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒකට අපට විරෝධය දක්වන්න බෑ. ඇත්තටම ඔය එස්.බී. දිසානායකලට පුළුවන්නෙ ගෝඨාභයට එක ගහලා සජිත්ට දෙක ගහන්න. ඒක සාධාරණයි, එහෙම ගහන්නෙ නැත්තන් ඇත්තටම කැතයි නේද?

2014 හිටපු ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු 53ක් රනිල්ගෙ ආණ්ඩුවෙ ඉන්නවා. එස්.බී. මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමති. නිමල් සිරිපාල මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමති. දැන් මිනිස්සු ආණ්ඩුව මාරු කළාට මොකද වෙලා තියෙන්නෙ ? ආයෙ බලනකොට ඒ ආණ්ඩුවම තමයි” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව ආණ්ඩු දෙකේම වෙනසක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here