Home Sports චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

309

කිලෝග‍්‍රෑම් 55 කාන්තා බර පන්තිය යටතේ චමරි වර්ණකුලසූරිය නව බර ඉසිලීමේ වාර්තා 03 ක් තැබීමට සමත් වුණා.

ඒ, 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදීයි. එහිදී ඇය ස්නැච් ක‍්‍රමයට එසවූ කිලෝග‍්‍රෑම් 77 සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට එසවූ බර කිලෝග‍්‍රෑම් 96, නව ශ්‍රී ලංකා වාර්තාවන් ලෙස ඒවා සටහන් වනවා.

ඒ අනුව, ඇය එසවූ මුලූ බර වූ කිලෝග‍්‍රෑම් 173 ද කිලෝග‍්‍රෑම් 55 කාන්තා බර පන්තියේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වනවා.

මෙවර 45 වන ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම බර ඉසිලීමේ කී‍්‍රඩිකාව ලෙස ද චමරි වර්ණකුලසූරිය සම්මාන දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here