Home Local කාසල්රි ජලාශය වාන් දමයි – කැළණි ගගේ ජල මට්ටම ඉහළට

කාසල්රි ජලාශය වාන් දමයි – කැළණි ගගේ ජල මට්ටම ඉහළට

472

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව මෙලෙස වාන් දමන බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

කාසල්රි ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් වු විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇති අතර එම ජලාශ 02ම වාන් දැමිම නිසා කැළණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇති බව සඳහන්.

මවුස්සාකැලේ ජලාශය ද පිටාර මට්ටමට ආසන්න වි ඇති බවයි වාර්තා වන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here