Home Hit වන අලියෙකු ගැටී පොළොන්නරුවේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයේත් දුම්රිය ප්‍රමාදයක්

වන අලියෙකු ගැටී පොළොන්නරුවේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයේත් දුම්රිය ප්‍රමාදයක්

449

පොළොන්නරුව, වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ දී වන අලියෙකු දුම්රියක ගැටී තිබෙනවා.

ඒ හේතුවෙන් පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි වාර්තා වනවා.

වන අලියා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි සඳහන්.

එමෙන්ම කොල්ලුපිටියේදී පීල්ලක කොටසක් කැඩී යාමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ද ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here