Home Hit දේශපාලනයට ළමයින් යොදාගන්නේ නම් දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

දේශපාලනයට ළමයින් යොදාගන්නේ නම් දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

425

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර සිටිනවා.

ළමයින් දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මඟින් ඔවුන්ව කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වන බවයි අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා හෝ ලිඛිතව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මඟින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ලිපිනය – සභාපති, ජාතික ළමාආරක්ෂක අධිකාරිය, නො. 330, තලවතුගොඩ පාර, මාදිවෙල.
ෆැක්ස් – 0112778915
විද්‍යුත් තැපෑල – [email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here