Home Entertainment “ජේසු සපත්තු” නමින් පාවහන් යුගලක් වෙළඳපලට

“ජේසු සපත්තු” නමින් පාවහන් යුගලක් වෙළඳපලට

502

ශුද්ධ වූ ජලයෙන් පිරුණු පතුල් සහිත ජේසූ තුමන්ගේ ආනුභාව ලත් සපත්තු යුගලයක් යයි පවසමින් සපත්තු යුගලයක් ඩොලර් 3,000 මුදලකට විකුණා ඇත.

බෘක්ලින් හි නිර්මාණාත්මක ලේබලයක් වන MSHHF , නයික් (NIKE) එයාර් මැක්ස් 97 පාවහන් යුගලයක් ජේසුස් වහන්සේගේ ආනුභාව ලත් සපත්තු යුගලය නිපදවා ඇත.

මෙම පාවහන් යුගලයේ  රන් කුරුසයක්, බයිබලයෙන් පදයක් සහ  ක්‍රිස්තුස්ගේ රුධිරය ලෙස පෙන්වීමට රතු තීන්ත බින්දු දෙකක් යොදා ඇත.

එක් එක් සපත්තුවේ පතුල්  ජෝර්දාන් ගඟෙන් ලබාගත්  ශුද්ධ ජලයෙන් පුරවා ඇති අතර  ඒවා  පූජකයෙකු විසින් ආශීර්වාද කරවා ඇත.

බයිබලයේ පදයක් සපත්තුවේ පැත්තකින් සඳහන් කර ඇත මතෙව් 14:25, (රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක.) ක්‍රිස්තුස්ගේ රුධිරය සංකේතවත් කරන රතු තීන්ත බින්දුවක් බැඟින් සපත්තු යුගලයේ දැකිය හැකිය.

මෙම නිර්මාණාත්මක ලේබලය යටතේ සපත්තු යුගලයක් පමණක් නිපදවූ අතර ශුද්ධ වූ ජලය අඩංගු “ජේසු සපත්තු” ලෙස නම් කරන ලද මෙම සපත්තු යුගල ඇමරිකානු ඩොලර් 3,000 (රුපියල් 542,099.91) ලෙස මිල කරන තිබු අතර එය වෙළඳ පොළට නිකුත් කර මිනිත්තු කිහිපයකින් විකිණී ඇත.

කාලයක් තිස්සේ ආගමික ශාස්තෘවරුන් හා උන් වහන්සේලාගේ රූප භාවිතා කරමින් විවිධ නිෂ්පාදන ලොවට හඳුන්වා දී ඇති අතර මෙවැනි ආකාරයේ සපත්තු යුගලයක් සඳහා ආගමික ශාස්තෘවරයෙකු වන ජේසුස් වහන්සේගේ නම ශුද්ධ බයිබල් පාඨයක්, කුරුසිය යොදා ගනිමින් වෙළඳපොලට නිකුත් කල පළමු අවස්ථාව වේ.

වෙළඳ භාණ්ඩ සඳහා ආගමික  ශාස්තෘවරුන්ව  යොදා ගැනීම කෙතරම් සදාචාර සම්පන්නදයැයි  සිතීම ඔබට භාර කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here