Home Uncategorized චීන ජනපති හා ඉන්දීය අගමැති හමුවක්

චීන ජනපති හා ඉන්දීය අගමැති හමුවක්

277

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර දෙදින නිළ නොවන හමුවක් අද(11) තමිල්නාඩු ප්‍රාන්තයේ මමල්ලාපූරම් වෙරළබඩ නගරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හමුව සඳහා චීන ජනාධිපතිවරයා සමග ‍චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගී වනු ඇති අතර ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගින් විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් ද මෙම සාකච්ඡා සඳහා එක් වනු ඇති බවට සඳහන් වේ.

එහිදී දෙපාර්ශවයේ වැඩි අවධානයක් නව දේශසීමා ආරක්ෂක පියවර සහ ශක්තිමත් පුද්ගල සබඳතා සම්බන්ධයෙන් යොමු කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here