Home Hit යුද හමුදාවේ සංවත්සරයට සමගාමීව උසස්වීම්

යුද හමුදාවේ සංවත්සරයට සමගාමීව උසස්වීම්

305

යුද හමුදාවේ 70 වැනි සංවත්සරය ඊයේ (10) දිනට යෙදී තිබුණා.

ඒ නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව පවසනවා.

නිලධාරීන් 210 දෙනකු හා සෙසු නිළයන් 7000ක පිරිසක් මෙලෙස උසස්වීම් ලබා ඇති බවයි හමුදාව සඳහන් කරන්නේ.

නිලධාරීන් 210 දෙනා අතර දෙවන ලුතිනන් සිටි ලුතිනන් නිළය දක්වා තිදෙනෙක් ද, ලුතිනන් සිට කපිතාන් නිළය දක්වා 17ක් ද, කපිතාන් නිළයේ සිට මේජර් දක්වා 150ක් ද, මේජර් නිළයේ සිට ලුතිනන් කර්නල් දක්වා 40ක් ද උසස්වීම් ලබා ඇති බව හමුදාව සඳහන් කරනවා.

යුද හමුදාව ඉතිහාසයේ සංවත්සරයට සමගාමීව විශාල පිරිසකට උසස්වීම් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවයි යුද හමුදාව සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here