Home Hit 96 ලෝක කුසලානය දින්න GROUND එකෙන්ම අපි පටන් ගත්ත, අපේ...

96 ලෝක කුසලානය දින්න GROUND එකෙන්ම අපි පටන් ගත්ත, අපේ ක්‍රිකට් වෙනස් කරන්න – දසුන්

311

වසර 10කට පසු ජාතික කණ්ඩායමක් පකිස්ථානයේ දීර්ඝ සංචාරයක නිරත වුන පළමු අවස්ථාව සනිටුහන් කරමින් අනෙකුත් රටවල් පකිස්ථානයේ සංචාරය ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් එහි යාමට තීරණය කලේ දේශපාලන වශයෙන් ආගම් ලෙස, ජාතින් ලෙස බෙදීමට උත්සහ කලත් ක්‍රීඩාව අප සැමව එකමුතු කරනවා යන්න ලොවටම පෙන්වා දෙමිනි.

එය යථාර්තයක් කරමින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා කණ්ඩායම ජයාපන භුක්ති විඳින VIDEOවක් පල කර තිබු අතර එයට පකිස්තානුවන් ප්‍රතිචාර දක්වා තිබුනේ ලංකානු කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය මහත් සේ අගය කරමින් සහ තම මව් බිමට පසු පාකිස්ථානය ඔවුන්ගේ නිජ භූමිය ලෙස සැලකීමට ඉල්ලමින්ය.

ක්‍රීඩාවේ ජීව ගුණය නිරන්තරයෙන්ම රැක ගනිමින් දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් වූ මෙම ක්‍රිකට් තරඟාවලියේ එක් දින තරඟාවලිය පකිස්තානු කණ්ඩයම 2-0ක් ලෙස ජය ගත් අතර විස්සයි 20 තරඟාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගන්නා ලදී.


නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකානු කණ්ඩායමේ මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ සංචිතයේ ඔවුන් දැක්වූ දක්ෂතා හේතුවෙන් අනාගතයේ ක්‍රිකට් ගැන නැවත බලාපොරොත්තුවක් තබා ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව එළඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here