Home Hit ශ්‍රේණි ගත කිරීම් මායිම් නොකළ සිංහයෝ

ශ්‍රේණි ගත කිරීම් මායිම් නොකළ සිංහයෝ

396

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය නිමා කරමින් තරඟ 3කින් සමන්විත විස්සයි 20 තරඟාවලිය මේ වන විට ලොව ශ්‍රේණි ගතකිරීම් වල අංක එකේ කණ්ඩයම වන පකිස්ථානය 3-0ක් ලෙස පරදවා පූර්ණ තරඟාවලි ජයක් ලබා ගන්නට අත්දැකීම් වලින් මද වුවත් දක්ෂතාවයන්ගෙන් පරි පූර්ණ ශ්‍රී ලංකානු කණ්ඩායමට හැකි විය.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වන ලද ත්‍රස්ත ප්‍රාහාරයෙන් අනතුරුව දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තානයේ සංචාරයක නිරත වූ පළමු කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම හා පවත්වනු ලැබූ මෙම තරඟාවලියට ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ හා විචාරකයන්ගේ අවධානය නොඅඩුව ලැබී තිබුණි.

ක්‍රිකට් ශ්‍රේණි ගතකිරීම් අනුව මේ වන විට පළමු ස්ථානයේ සිටින පකිස්ථානය සමඟ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තරඟ 3ට 0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන් වැනි සහ අවසන් 20 යි 20 තරගය ලකුණු 13 කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු, ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

මුල් කඩුළු කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් සිය මංගල පන්දුවාර 20යි 20 තරගයට එක් වූ ඕෂධ ප්‍රනාන්දු 4 පහර 8ක් සහ 6 පහර 3ක් සමග පන්දු 48කදී වේගවත් ලකුණු 78ක් රැස් කළේ ය. එය ලාංකීය ක්‍රීඩකයකු තම මංගල තන්ගයේ රස කල වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147 කි.

පන්දු යැවීමේදී පකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අමීර් ලකුණු 27ට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පකිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ, කිසිදු ලකුණක් රැස් කිරීමට පෙරදීයි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ බාබර් අසාම් සහ හාරිස් සොහේල් දෙවැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩනඟමින් පකිස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු එක කිරීමට සමත් විය.

නමුත් ලකුණු 35ක් තුළ පකිස්තාන කඩුලු 4ක් බිඳ වැටීම හේතුවෙන් තරඟයේ වාසිය ශ්‍රී ලංකා පිලට නතු කර ගැනීමට අත්දැකීම් අඩු වුවත් දක්ෂතාවෙන් පරිපුර්ණ නවක ක්‍රීඩකයෝ සමත් විය.

පන්දුවාර 20 අවසානයේදී පකිස්ථාන කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 134ක් පමණි.

පන්දුවෙන් දස්කම් පෑ වනිඳු හසරංග ලකුණු 21ට කඩුලු 3ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 24ට කඩුලු 2ක් දවා ගත්හ.

වනිදු හසරංග තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා බවට පත්විය.

ඒ අනුව තරඟ 3කින් සමන්විත තරඟාවලියේ සියලු තරඟ ජය ගනිමින් පන්දුවාර 20යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමු‍‍ණේ පසුවන පකිස්ථානය පරාජය කිරීමට ප්‍රථම වතාවට කණ්ඩායම මෙහෙය වූ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය එම තරඟාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක් වූයේ පාකිස්ථානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම බවට පත් කරමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here