Home Local ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

322

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්‍ෂාව යටතේ රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් 35දෙනාගේ නම් අකාරාදී පිළිවෙළට සකස් කර මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය කරන නිල ඡන්ද පත‍්‍රිකා එක්කෝටි හැට ලක්‍ෂයක් පමණ මුද්‍රණය කරනු ලබන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් සඳහන් කර සිටියා.

නිල ඡන්ද පත‍්‍රිකාව අගල් 26ක් වන අතර එය ජනපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත‍්‍රිකාව බවට පත්ව ඇති බැවින් මෙවර අවශ්‍ය වන අතිරේක ඡන්ද පෙට්ටි ප‍්‍රමාණය ආනයනය කිරීමටයි මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here