Home Hit ”ගිවිසුම් දෙකෙන් ලක්ෂ 65ක ඡන්ද එකතුවක් තියෙනවා” – දයාසිරි ජයසේකර

”ගිවිසුම් දෙකෙන් ලක්ෂ 65ක ඡන්ද එකතුවක් තියෙනවා” – දයාසිරි ජයසේකර

401

ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් පක්ෂයත් රැකගෙන, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ ගමන ඉදිරියට ගෙනියන බව දයාසිරි ජයසේකර පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදුකෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ගිවිසුමට අස්සන් තැබු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට පක්ෂ 02 නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ පසුගිය කාල වකවානුවේ පක්ෂය ආරක්ෂා කර ගැනීමට විවිධ ප්‍රකාශ කිරීමට සිදු වු බවයි.

එසේම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යනු රටේ විද්වතුන් අතරින් දේශ මාමක බලවේග අතරින් බිහි වු නායකයෙකු බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් පක්ෂයත් රැකගෙන, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ ගමන ඉදිරියට ගෙනියන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද අත්සන් කළ ගිවිසුමේ දෙක තුළින් ලක්ෂ 65ක ඡන්දයක් ගෝඨාභය රාජපක්ෂට ලබාගැනීමට හැකිවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here