Home Local පක්ෂයේ ස්ථාවරය රැගෙන දුමින්ද අනුරාධපුර ගෝඨාභයගේ ජන රැළියට

පක්ෂයේ ස්ථාවරය රැගෙන දුමින්ද අනුරාධපුර ගෝඨාභයගේ ජන රැළියට

302

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් වරයකු වන දුමින්ද දිසානායක සහ එම පක්ෂයේ වත්මන් ප්‍රචාරක ලේකම් වන වීරකුමාර දිසානායක මහතා සහභාගී නොවීය.

පක්ෂයේ සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකා මෙන්ව වැඩ කටයුතු කරන බව ප්‍රකාශ කල විට මාධ්‍ය වේදීන් දුමින්ද සහ වීරකුමාර මහත්වරුන් ගැන විමසා සිටියා.එහිදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අරඹමින් අද අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී. පැවැත්වෙන ජන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා ගොස් ඇති නිසා මෙම මාධ්‍ය සාකච්චාවට සහභාගී නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here