Home Sports දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානයේ තහවුරු කරගනී.

දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානයේ තහවුරු කරගනී.

239

රග්බි ලෝක කුසලාන තරඟාවලියේ B කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ දිනයේදී කොබෝ ක්‍රීඩාංගණයේදී තරග වැඳුණු දකුණු අප්‍රිකා සහ කැනඩා අතර තරඟයෙන් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානයේ තහවුරු කර ගත්තේය.

එම තරගය ආරම්භයේ පටන් පාලනය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් සමත් වුණේ කැනඩා ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින්.

ඒ අනුව ලකුණු 66 ට 7 ක් ලෙස තරගයේ ජය හිමි කර ගත් දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනිමට සමත් වුණි.

අද තරඟාවලියේ තවත් තරඟ 3ක් පැවැත්වේ ඒ ආර්ජන්ටිනාව හා ඇමරිකා එකසත් ජනපදය අතර තරඟයත් ස්කොට්ලන්තය හා රුසියාව අතර තරඟයත් වේල්සය හා ෆීජි කණ්ඩයම් අතර තරඟයත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here