Home Tech ලිතියම්-අයන බැටරි සංවර්ධනය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයක්

ලිතියම්-අයන බැටරි සංවර්ධනය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයක්

364

රසායන විද්‍යාව වෙනුවෙන් ලබා දෙනු ලබන නොබෙල් සාම ත්‍යාගය මෙවර ලිතියම්-අයන බැටරි (Lithium-ion batteries) සංවර්ධනය කිරීම් වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇත.

මෙම බැටරිය මේ වන විට ලොව සිටින සෑම පුද්ගලයකුටම පාහේ එකසේ වැදගත් වෙයි. මන්දයත් නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කල හැකි වන පරිදි සංවර්ධනය කර ඇති මෙම බැටරිය අප එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන් භාවිතා කරන ජංගම දුරකථන වැනි විවිධ ආරෝපිත උපකරණ සියල්ලක්ම සඳහා භාවිතා කරනුයේ මෙම බැටරි වර්ගය වීම නිසාවෙනි.

මෙම සොයා ගැනීම සහ එහි සංවර්ධනයත් සමඟ එය මානව ජිවිතයට කරනු ලබන මෙහෙය වෙනුවෙන් එය සොයාගනිමින් සංවර්ධනය කරන ලද අකිරා යොෂිනෝ, එම්. ස්ටැන්ලි විටින්හැම්, ජෝන් බී. ගුඩ්නොෆ් හට 2019 වසරේ රසායන විද්‍යාව වෙනුවෙන් ලබා දෙනු ලබන නොබෙල් සාම ත්‍යාගය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here