Home Politics ඔස්ට්‍රේලියාවේ වියළි කළගුණයත් සමඟ ලැව් ගිනි පැතිර යයි.

ඔස්ට්‍රේලියාවේ වියළි කළගුණයත් සමඟ ලැව් ගිනි පැතිර යයි.

197

උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාලනය කළ නොහැකි විශාල ලැව් ගින්නක් රැප්විල් හි ග්‍රාමීය ගම්මානය හරහා පැතිර යාමෙන් නිවාස 30 ක් පමණ විනාශ වී හෝ දැඩි ලෙස හානි වී ඇති බව වාර්තා වේ.

ගින්නෙහි උච්චතම අවස්ථාවේදී අහසේ පියාසර කරන පක්ෂීන් මියගොස් බිමට වැටෙන අයුරු ප්‍රදේශ වාසින් දැක ඇති අතර මේ වන විට පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නොමැත.

සැප්තැම්බර් මාසයේ සිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති නියගයත් සමග ස්ථාන කිහිපයක ලැව්ගිනි හටගෙන ඇති අතර මෙම ගින්නෙන් විනාශය හටගෙන ඇත්තේ පසුගිය අඟහරුවාදා දහවල් සිටය.

හෙක්ටයාර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් මේ වන විට ලැව්ගිනිවලින් දැවී විනාශ වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යැවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි වඩාත් දරුණු ලෙස පැතිර යමින් ඇති බවයි ගිනි නිවීම් අංශ පවසන්නේ.

මේ හේතුවෙන් ඉදිරි දින ගිනි පාලනයට හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදවා ඇති බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පැතිර යන ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් අංශ දිගටම කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here