Home Hit ”අසාධාරණ ලෙස සිරගත කල රණවිරුවන් නිදහස් කරනවා” – ගෝඨාභය රාජපක්ෂ

”අසාධාරණ ලෙස සිරගත කල රණවිරුවන් නිදහස් කරනවා” – ගෝඨාභය රාජපක්ෂ

1061

අද පැවති පොදු ජන පෙරමුණේ මංගල රැළිය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ සිය දේශනයේදි මූලික වශයෙන් ඉලක්ක කර තිබුනේ අනුරාධපුර ජනතාව මූලික වශයෙන් මුහුණ පානා ප්‍රමුඛ ගැටලුයි.

එහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ පානීය ජල පිරිසිදු කිරීමේ ක්‍රමවේදයට නූතන තාක්ෂණය එක්කර ගැනීමට තමන් අදහස් කර සිටිනා බවයි.

එමගින් අනුරපුර ජනතාව මුහුණ දෙන මූලීක ගැටලුවක් වන වකුගඩු රෝගය අවම කිරීම සිය අරමුණ බව ඔහු කියා සිටියා.

වර්තමානයේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් වන වී මිල අඩු වීමටත් විසඳුමක් ලබා දීමට ක්‍රියාපිළිවෙතක් ඉදිරිපත් කළ ඔහු ඒ වී ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම මගින් අතරමැදියන් සිදු කරනා බලපෑම අවම කිරීම මගින් බව සඳහන් කළා.

අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට නූතන තාක්ෂණය භාවිතා කිරීමට තමන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දේශීය ඉංජිනේරුවන් සහ දේශීය තාක්ෂණය විස්වාස කරමින් තමන් කටයුතු කරනා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර වත්මන් රජය විසින් ව්‍යාජ චෝදනා මත අසාධාරණ ලෙස සිරගත කර සිටිනා රණවිරුවන් සියලූම දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here