Home fact check ”ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලැබූ උතුරු පළාත් ප්‍රථමයාගේ කතාව” බොරුවක්

”ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලැබූ උතුරු පළාත් ප්‍රථමයාගේ කතාව” බොරුවක්

971

2019 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල 06 වනදා නිකුත් කෙරුණා.

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ සමගම නිකුත් කරනු ලැබුවා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ලබාගත් සිසුවියක් පිළිබඳව ඡයාරූප සහිතව සටහන් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනු ද දක්නට ලැබුණා.

බොහෝ පිරිස් ඇයට සුබපතා තිබු එම සටහනේ දක්වා තිබුනේ “මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා ගෙන උතුරු පළාතේ 1 උන ඇයට කාත් කවුරුත් නෑ ඉන්නේ ළමා නිවාසෙක. තනියෙන් ජීවිතය ජය ගන්නට යන ඇයට ඔබත් සුබ පතන්න… දෙවි පිහිටයි”. තවදුරටත් එහි දක්වා තිබුනේ “ බුදු සරණයි දුවේ ඔයාට මේ යහපාලන ආණ්ඩුව සැලකුවේ නැහැ. ගෝඨා සර් ආවම ඔයාට සලකයි” යනුවෙනුයි.

නමුත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ජාතික සහ දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ප්‍රථිඵල ලැබූ සිසුන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙවර දිවයිනේ පළමු ස්ථානය මෙන්ම දෙවන සහ තුන්වන ස්ථාන ආදී ජයග්‍රහණ ලැබූ සිසුන්ගේ නම් හෙළි නොකරනු ඇති.

ඒ අනුව පැහැදිලි වන්නේ ඇය උතුරු පළාතෙන් ප්‍රථම ස්ථානය ලබාගත් බව නිත්‍ය වශයෙන්ම පැවසීමට නොහැකි බවයි.

පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා හුවමාරුවන ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී එම ඡායරූපයේ සැබෑ තොරතුරු සොයාගැනීමට හැකිවුණා.

එම ඡායරූපය 2017 වසරේ පවා අන්තර්ජාලයේ හුවමාරු වූ ඡායරූපයක් බව පැහැදිලි වන අතර එම ඡායරූපය ශ්‍රී ලංකාවට අදාල ඡායරූපයක් නොවන බවත් පැහැදිලි වනවා.

අන්තර්ජාලයේ පලවන මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප – Meme) සටහන් සදහා යොදාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම “ළමා නිවසක පදිංචිව සිටින උතුරු පළාතේ සිසුවියක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 192ක් ලබාගෙන උතුරු පළාතෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ.” යන පුවත සහ ඡායරූපය සම්පුර්ණයෙන්ම අසත්‍ය එකක් වන බව පැහැදිලියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here