Home Hit නිදහස් පක්ෂයේ ස්ථාවරයට “බාලගිරි දෝෂය”

නිදහස් පක්ෂයේ ස්ථාවරයට “බාලගිරි දෝෂය”

325

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති වරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කර නොමැති පසුබිමක ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම පක්ෂයේ සහය නොමැතිව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ කිසිඳු මැතිවරණයක් වෙනත් කිසිඳු පක්ෂයකට ජයග්‍රහණය කල නොහැකි බවයි.

එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරීම, තීරණය කිරීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මධ්‍යම කාරක සභාව මඟින් පැවරා එම තීරණය ලබාදීම පසු ගිය 6 වෙනිදා සිටම දිනෙන් දින කල් යවමින් සිටි අතර එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය හෙට (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here