Home Hit දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණයට

දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණයට

275

ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාමයෝජනා පත්‍ර භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරග කර ප්‍රකාශිත ඡන්දවලින් 12.5%කට වඩා අඩුවෙන් ලබාගත් අපේක්ෂකයින්ගේ පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබු අතර ඉන් 06 දෙනෙකු නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකර නැහැ.

35 දෙනෙකු නාමයෝජනා භාර දී ඇති අතර එය මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අවස්ථාව ලෙසයි සැළකෙන්නේ.

අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 02කට අධික දිගකින් යුක්ත විය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඡන්ද පත්‍රිකාව සැකසිමේ කටයුතු අද (08) දිනයේ සිට ආරම්භ කරන අතර ආකෘති පත්‍රිකාව සකස් කිරීමෙන් අනතුරුව එය හැකි ඉක්මනින් මුද්‍රණය කිරීමට පියවර ගන්නා බවයි කොමිසම සඳහන් කරන්නේ.

මේ අතර ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සිය නිරීක්ෂකයින් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here