Home Hit තහනම් සංවිධානයකට අයත් කාන්තාවක් ඇතුළු ලාංකිකයින් සිව්දෙනෙකු ලන්ඩන්හිදී අත්අඩංගුවට

තහනම් සංවිධානයකට අයත් කාන්තාවක් ඇතුළු ලාංකිකයින් සිව්දෙනෙකු ලන්ඩන්හිදී අත්අඩංගුවට

226

තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්තයේ නැගෙනහිර කලාපීය විශේෂ මෙහෙයුම් ඒකකයේ ත්‍රස්ත මර්දන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තහනම් සංවිධානයක සාමාජිකයින් ලෙස සැලකෙන මොවුන් ත්‍රස්තවාදී පනතේ 11 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මොවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර 35 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර වන බව සඳහන්.

අනෙක් පුද්ගලයින් තිදෙනා 35 හැවිරිදි, 39 හැවිරිදි සහ 41 හැවිරිදි වියේ පසු වන පුද්ගලයින් බව වැඩිදුරටත් සඳහන්.

අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කාන්තාව ඇප මුත මුදාහැර ඇති අතර ලබන නොවැම්බර් පළමු සතියේ යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබෙනවා.

අනෙක් පුද්ගලයින් තිදෙනා දකුණු ලන්ඩන් පොලිස් ස්ථානයේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here