Home Hit 20 – 20 ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

20 – 20 ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

275

පාකිස්ථානයට එරෙහිව පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් ලකුණු 35ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකාව ඊයේ (07) දිනයේ සමත් වුණා.

ඒ සමගින් ලොව අංක එකේ පන්දුවාර 20 -20 කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙය ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව ලැබූ පළමු පන්දුවාර 20 තරගාවලි ජයග්‍රහණයයි.

ශ්‍රී ලංකාවෛන් ලැබුනු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානයට පන්දුවාර 19 කදී සියළුදෙනා දැවී රැස්කලේ ලකුණු 147කි.

පාකිස්ථාන ඉනිමේ කඩුළු 5 ක් ලකුනු 52 ක් තුළ දැවී ගිය මොහොතේදී ඉමාඩ් වසීම් හා ආසිෆ් අලි හයවැනි කඩුල්ලට වාර්තාගත ලකුනු 75 ක සබඳතාවක් එක් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නුවන් ප්‍රදීප් කඩුළු 04ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුළු 3 ක් දවාලීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 06 කට ලකුණු 182 ක් රැස් කළ අතර එහිදී භානුක රාජපක්ෂ ලකුනු 77ක් රැස් කළේය.

ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 64 කිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here