Home Hit ශ්‍රීලනීප සභාපතිකම තාවකාලිකව මහින්දට : ජනපති ස්වාධීන වේ?

ශ්‍රීලනීප සභාපතිකම තාවකාලිකව මහින්දට : ජනපති ස්වාධීන වේ?

698

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්වී පුරප්පාඩුවන සභාපතිධූරය සදහා තාවකාලිකව මහින්ද අමරවීර මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුදුරේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සංධානගත වීමට සූදානමින් පසුවන අතර නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිධූරයෙන් ඉවත් වී පවත්නා දේශපාලන තත්වය මත ස්වාධීනව සිටීම සිය අනාගත දේශපාලන වැඩපිළිවෙල සදහා වඩාත් යෝග්‍ය වනු ඇති බවයි ජනාධිපතිවරයාගේ මතය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත්කර නොමැති අතර හෙට උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here