Home Budget 2019 දින 52ක් ඉතිරිව තිබියෙදී ජනපති සිරිසේන ජනාධිපති ධුරය අත හැර යයි

දින 52ක් ඉතිරිව තිබියෙදී ජනපති සිරිසේන ජනාධිපති ධුරය අත හැර යයි

865

ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේන නැවත ජනාධිපතිවරණයට සහබාගි නොවීමට තීරණය කර ඇත .

එ අනුව සිරිසේන මහතා මැතිවරණයෙන් පසු දින ධුරයෙන් ඉවත්ව යයි . ඔහුගේ පස් අවුරුදු ධුර කාලයට දින 52 ඉතිරිව පවතින විට ඔහු මෙලෙස ඉවත්ව යාම විශේෂත්වයකි .

දේශපාලනික වශයෙන් බලගතු රාජපක්ෂ පවුල අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කිරීම නිසා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට නැවත නොපැමිණීමට තීරණය කර තිබේ.නමුදු ඔහු සහය දක්වන පක්ෂය ගැන තවම ප්‍රකාශ කර නොමැත .

මැතිවරණ කොමිසමේ වාර්තාවලට අනුව,ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ලැයිස්තුවේ සිරිසේන මහතාගේ නම නොතිබුණි.

එහි අර්ථය වන්නේ සිරිසේන මහතා මැතිවරණයෙන් පසු දින ධුරයෙන් ඉවත්ව යන අතර සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සනාථ කළේ ඔහු නැවත ජනාධිපතිවරණයට නොපිවිසෙන බවයි.

සිරිසේන මහතා පසුගිය වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙරපා හැර ඔහු වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථා අර්බුදයකට හේතු විය.

ශ්‍රේෂ්ධිකරණය පසුව සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව තීන්දුව දුන් අතර වික්‍රමසිංහ මහතා නැවත සේවයේ පිහිටුවන ලදී.

හින්දු පුවත් පතේ පළවුණු ලිපියක් ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here