Home Hit මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

753

ජනාධිපතිවරණයට බාධා ඇතිවිය හැකි බැවින් මැතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම සියලුම රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීමක් කර සිටිනවා.

එමෙන්ම දුම්රිය සේවකයින් පිරිසක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය මැතිවරණ කාලසීමාවේදී අත්හරින්නැයි ද වෘත්තීය ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයිද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

සමස්ථ රාජ්‍ය සේවකයින්ගේම සහාය ජනාධිපතිවරණයට අවශ්‍ය හෙයින් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින අතර රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡාවෙන් සම්මුතියෙන් හා එකඟතාවයෙන් විසඳා ගැනීමට උත්සහ දරන්නැයි නිසි බලධරයන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here