Home Hit නිදහස් පක්ෂයේ තීරණය අදත් කල්යයි

නිදහස් පක්ෂයේ තීරණය අදත් කල්යයි

390

ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය දෙන්නේ යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් තීරණයක් ගෙන නැහැ.

ඒ පිළිබඳව අවසන් එකගතාවකට පැමිණීම සඳහා අද (07) දිනයේදීත් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

සන්ධාන මහලේකම්වරයා ඊයේ කියා සිටියේ අද දින නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

නමුත් ඒ පිළිබදව තීරණය තවදුරටත් කල් යනු ඇති බවයි එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here