Home Hit දුම්රිය වර්ජනය අවසන් වෙයි

දුම්රිය වර්ජනය අවසන් වෙයි

260


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති හමුවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අතර දුම්රිය වැඩ වර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින් වෙත අවසන් නිවේදනය දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් දුම්රිය වර්ජනයේ නියුතු සියලුම දුම්රිය සේවකයින් 2019.10.07 වැනිදින එනම් අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සේවයට වාර්තා කරන ලෙස  දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා  සියලු සේවකයන්ට මෙයින් දන්වා සිටියි.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද(07) පෙරවරුවේ පවත්වා තිබේ.

ඒ ජනාධිපති නිල නිවසේ දීය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලූ වෘත්තිකයන්ගේ වගකීම බවයි. 

වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද සලකා බලමින් ඒවාට ලබා දිය හැකි විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත් වීම සිදුකරන බව ද කියාසිටියේ ය.

ඕනෑම ගැටලූවකට සාකච්ඡා මඟින් විසඳුම් ලබාගත හැකි අතර කිසිදු අවස්ථාවක පොදු මහජනතාව පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here