Home Hit සරත් ෆොන්සේකා පොදු ජන පෙරමුණ සමඟ අනිවාර්යයෙන් එකතු වෙනවා – සිසිර

සරත් ෆොන්සේකා පොදු ජන පෙරමුණ සමඟ අනිවාර්යයෙන් එකතු වෙනවා – සිසිර

986

එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසනයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතාට පොදු ජන පෙරමුණ සමඟ එකතුවීමට තමන් ආරාධනා කරන බවත් රට, ජාතිය, ආගම ගැන හැඟීමක් ඇති ෆොන්සේකා මහතා අනිවාර්යයෙන්ම තම පක්ෂය සමඟ එකතු වන බවට තමන් විශ්වාස කරන බවත් එකසත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ ජනතා නිවාස යෝජනා ක්‍රමයේ පස්‌ටන් හන්දියේ පැවැති ප්‍රචාරක රැස්‌වීමකදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

අද ආණ්‌ඩුවක්‌ තියෙනවාද කියලාත් හොයාගන්න බැහැ. ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක්‌ නැහැ එමනිසා එයට විරුද්ධව ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විවිධ පක්‌ෂවලින් තවත් විශාල පිරිසක්‌ එක්‌ වෙන බව දැන ගැනීමට ලැබී ඇතැයි ද හෙතෙම කීවේය.

මෙම රැස්‌වීම අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ති කුමුදුනී ඇතුළු පිරිසක්‌ කතා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here